Friday, May 18, 2012

ඩෙංගු මදුරුවා ගැන අලුත්ම හෙළිදරව්ව


ජලය එක්රැස්විය හැකි ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බිත්තර දමන බව කීට විද්‍යා සමික්ෂණවලින් හෙලි වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඒ ඒ ප්‍රදේශවල පවතින පරිසර සාධක උපයෝගී කර ගනිමින් ඩෙංගු මදුරුවා බෝවීම හා ව්‍යාප්තිය සිදුකරන බව එම පරික්ෂණ සනාථ කර ඇති බවය.ඒ අනුව කෙසෙල් අතු , විවිධ ශාක පත්‍ර, රබර් කිරි රැස් කිරීම සදහා යොදා ගන්නා පොල් කටු, මැණික් පතල් ආශ්‍රීත ජලය එක්රැස්විය හැකි ස්ථාන, ඉවත දමන විවිධ බදුන් මෙන්ම ළිං ආශ්‍රිතව ද ඩෙංගු මදුරුවා බෝවන බව නිරික්ෂණය වී තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එවැනි ස්ථාන විනාශ කිරිමේ අපහසුතාවයක් ඇත්නම් කෘමිනාශක යෙදීම , දුමායනය කිරීම සහ ජලය එක් රැස්වීමට ඉඩ නොදී ආරක්ෂිතව ගබඩා කිරීම වැනි පියවර ගත හැකි බවය. එමෙන්ම තම නිවස, ගෙවත්ත සහ වටපිටාවේ ‍ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඇත්නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සිනමා නළු ශාරුක් ඛාන් හට ජිවිතාන්තය දක්වා මුම්බායි වන්කඬේ ක‍්‍රීඩාංගනයේ තරග තහනමක්

සුපිරි බොලිවුඞ් සිනමා නළු ශාරුක් ඛාන් හට ජිවිතාන්තය දක්වා මුම්බායි වන්කඬේ ක‍්‍රීඩාංගනයේ තරග නැරඹීමට පැමිණීම මුම්බායි කි‍්‍රකට් සංගමය විසින් තහනම් කොට තිබෙනවා. ඒ මුම්බායි ක‍්‍රීඩාංගනයේ පෙරේදා  පැවති අයි.පී.එල් තරගයකදී ඔහුගේ අයහපත් හැසිරීම හේතුවෙන්. ශාරුක් ඛාන් එහිදී බීමතින් හැසිරී ඇති අතර ක‍්‍රිඩාංගනයේ ආරක්ෂාව භාරව සිටි නිලධාරින්ට පහරදීමට උත්සාහ කර ඇති බව ද වාර්තා වනවා. ශාරුක් ඛාන්ගේ මෙම හැසිරිම සම්බන්ධයෙන් මුම්බායි කි‍්‍රකට් සංගමය පොලිසියට ද පැමිණිලි කර තිබෙනවා. කෙසේ වුවත්, මේ සම්බන්ධයෙන් ඉන්දීය පි‍්‍රමියර් ලීග් කවුන්සිලයේ සභාපති රාජ් ෂුක්ලා පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ෂාරුක් ඛාන්ගෙන් ද කරුණු විමසා දැන ගත යුතු බවයි. එසේ දැන ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට උචිත බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ නමුත්, මුම්බායි ඉන්දියන්ස් පිල සමග වන්කඬේ ක‍්‍රීඩාංගනයේ ඊයේ පැවති තරගයෙන් ෂාරුක් ඛාන්ගේ කොල්කටා නයිට්රයිඩර්ස් පිල ජයග‍්‍රහණය වාර්තා කළා.

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හෙට නිදහස්


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට හෙටට (19 දා) යෙදෙන යුද විජයග්‍රහණ සැමරුම් දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් නිදහස ලබාදීමට නියමිතය.

නිදහස්‌ කිරීමට අදාළ ලිපි ලේඛනවලට ජනාධිපතිවරයා එදිනම (19 දා) අත්සන් කරනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පෙරේදා (16 දා) රැස්‌වූ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමෙන් අනතුරුව ඇමැතිවරුන් සමඟ පැවැති සුහද සාකච්ඡාවේදී මේ පිළිබඳව අදහස්‌ පළකර තිබේ.

සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීම පිළිබඳව පෙරේදා (16 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමේ එක්‌ අවස්‌ථාවකදී අනෝමා ෆොන්සේකා මහත්මියද ඊට එක්‌වී ඇත. මෙම සාකච්ඡාවේදී නිදහස ලබාගැනීම හෝ නිදහස ලබාදීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් කොන්දේසි ඉදිරිපත් වී නැතැයිද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
 

Thursday, May 17, 2012

අයි.පී.එල් ක්‍රීඩකයනුත් තරග පාවා දෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල්. තරගාවලියේදී මුදලට තරග පාවාදුන් බවට චෝදනා එල්ල වූ පස් දෙනෙකුට ඉදිරි තරගවලට සහභාගී වීම අත්හිටුවා තිබේ.
 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල උප සභාපති සහ අයි.පී.එල්. තරගාවලි සංවිධායක කමිටු සභාපති රජීව් ශුක්ලා ඒ බව තහවුරු කළේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් පස් දෙනෙකු මුදලට තරග පාවාදුන් බවට එරට රූපවාහිනි නාලිකාවක් රහසිගතව පටිගත කළ දර්ශන විකාශය කිරීමත් සමග මේ සම්බන්ධ කරුණු අනාවරණ විය.


එම දර්ශනවල ඇතුළත් වූයේ ඔට්ටු තබන්නන් සහ අදාළ ක්‍රීඩකයින් අතර සිදුවන සාකච්ඡාවකි.


ටී.පී. සිධින්ද්‍ර, අමිත් යාදෙව්, අභිනව් බාලි, මෝනිෂ් මිශ්‍රා සහ ශලාබ් ශ්‍රීවාස්තව යන ක්‍රීඩකයෝ මෙලෙස චෝදනා ලැබූහ.


ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කැඳවන ලද හදිසි රැස්වීමකදී අදාළ ක්‍රීඩකයින් පස්දෙනාගේ ඉදිරි තරග  සහභාගීත්වය අත්හිටුවීය.


 දැනට චෝදනා එල්ල වී ඇති ක‍්‍රීඩකයින් පස් දෙනාට අමතරව තවත් ක‍්‍රීඩකයින් තරග පාවාදීමේ සිද්ධිවලට සම්බන්ධ යැයි මෙහිදී වැඩිදුරටත් සොයා බැලෙනු ඇති.

Monday, May 14, 2012

2012/13 වසර සඳහා ක්‍රීඩකයන් ට ගෙවන මුදල් සදහා ඉතා අසාධාරන ලෙස ශ්‍රේණි කිරීම

2012/13 වසර සඳහා ක්‍රීඩකයන් කොන්ත්‍රාත්ගත කිරීමේදී වැඩිම මුදලක්‌ හිමිවනු ලබන 'ඒ' ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුවට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ නම ඇතුළත් වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර ඉදිරි වසර සඳහා අත්සන් තැබෙන අදාළ කොන්ත්‍රාතුවේදී ශ්‍රේණි දෙකක්‌ යටතේ (ජාතික සහ පළාත් වශයෙන්) ක්‍රීඩකයන් 60 දෙනෙකු ඇතුළත් වී සිටින අතර එහිදී ජාතික කාණ්‌ඩය සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකු කාණ්‌ඩ 6 ක්‌ යටතේ කාණ්‌ඩ ගත කර තිබේ.
ඇමරිකානු ඩොලර් 127,000 ක්‌ හෙවත් දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 13.9 ක්‌ හිමිවන අදාළ 'ඒ' කාණ්‌ඩයට ලසිත් මාලිංග සමගින් වත්මන් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර ,
තිලකරත්න දිල්ෂාන් සහ තිලාන් සමරවීර ඇතුළත් වී සිටියි.
'ඒ' කාණ්‌ඩයට අදාළ සියලූම ගෙවීම් සිදුකෙරෙනුයේ ටෙස්‌ට්‌, එක්‌දින සහ පන්දුවාර 20/20 යන අංශ 3 ම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන්ට වන අතර මාලිංග ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම මත ඔහුට හිමිවන්නේ අදාළ මුදලින් 40% ක මුදලක්‌ පමණි. මේ සම්බන්ධව කනස්‌සල්ලෙන් පසුවූ මාලිංග ශ්‍රී ලංකා ක්‍රීකට්‌ ආයතනය සමග කිසිදු කොන්ත්‍රාත්තුවක්‌ නොමැති වීම මත තමා දැන් නිදහස්‌ ක්‍රීඩකයකු වන බව ඉකුත්දා ඉන්දීය මාධ්‍යය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන ප්‍රධානියෙක්‌ සඳහන් කර සිටියේ, අදාළ 100% ක මුදලම මාලිංගට හිමිවීමට නම් ඔහු අංශ තුනම නියෝජනය කළ යුතු වන බවත්, ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම මත ඊට වැඩි මුදලක්‌ ඔහුට ලබාදීමේදී අංශ තුනම නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට එමගින් දැඩි අසාධාරණයක්‌ සිද්ධවන බවයි.
වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 82,000 ක්‌ හිමිවන (දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 9 ක්‌ පමණ) හිමිවන 'බී' කාණ්‌ඩයට උප නායක ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, රංගන හේරත් සහ උපුල් තරංග ඇතුළත්ව සිටිති.
ඇමරිකානු ඩොලර් 66,150 ක්‌ හිමිවන(දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 7.2) තෙවැනි කාණ්‌ඩය සඳහා ඇතුළත්ව සිටින්නේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ නිත්‍ය කඩුලූ රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන පමණි.
සිව්වැනි කාණ්‌ඩයට තරංග පරණවිතාන, සුරාඡ් රන්දීව්, අජන්ත මෙන්ඩිස්‌ සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව සිටින අතර ඔවුන් අත්සන් තැබෙනුයේ ඇමරිකානු ඩොලර් 49,750 ක්‌ (දල වශයෙන් ශ්‍රී ලංකා මුදලින් මිලියන 54.4) වැනි මුදලකටය.
අදාළ කොන්ත්‍රාත් ගත කිරීමේදී පස්‌වැනි දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර සහ තිසර පෙරේරාද, හයවැනි කාණ්‌ඩයට චාමර කපුගෙදර, සුරංග ලක්‌මාල් සහ ළහිරු තිsරිමාන්න ඇතුළත් වී සිටියි.
මෙවර අන්තර් සමාජ තරගාවලියේදී ලකුණු 1000 සීමාව ඉක්‌මවා යැමට සමත්වූ චාමර සිල්වා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අංශ තුනම නියෝජනය කරන ලද ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් අයත්ව සිටින්නේ පළාත් කාණ්‌ඩයට වන අතර ඔහුට වඩා අඩු දස්‌කම් දැක්‌ වූ චාමර කපුගෙදර(ඇ. ඩොලර් 22,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් මිලියන 2.4 ක්‌ හිමිවන හයවැනි කාණ්‌ඩය) සහ දිල්හාර ප්‍රනාන්දු(ඇ. ඩොලර් 3.6 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 3.6 ක්‌ හිමිවන පස්‌වැනි කාණ්‌ඩය) ඉහළ කාණ්‌ඩ වලට ඇතුළත් වී සිටීම සුවිශේෂී වේ.
මීට අමතරව පළාත් ශ්‍රේණියේ කාණ්‌ඩ 4 ක්‌ යටතේ ක්‍රීඩකයන් 40 දෙනෙකු කාණ්‌ඩගත කර තිබෙන අතර ඔවුන් බහුතරයක්‌ ශ්‍රී ලංකා 'ඒ' සහ සංවර්ධිත සංචිතවල පසුවන ක්‍රීඩකයන් වේ.
ඉකුත් වසරේදී අදාළ කොන්ත්‍රාත්ගත කිරීමට ක්‍රීඩකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක්‌ ඇතුළත් වුවත්, මෙවර එය 60 දක්‌වා අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පියවර ගැනීමද විශේෂත්වයක්‌ ලෙස හැඳින්විය හැක.

ජාතික ශ්‍රේණිය


පළමු කාණ්‌ඩය(ඇ. ඩොලර් 127,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 13.9) - මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර,තිලකරත්න දිල්ෂාන්, තිලාන් සමරවීර, ලසිත් මාලිංග.
 

දෙවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 82,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 9) - ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, රංගන හේරත්, උපුල් තරංග.

තෙවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 66,150 හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 7.2 ක්‌) - ප්‍රසන්න ජයවර්ධන

සිව්වැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 49,750 ක්‌ හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 5.4 ක්‌) - තරංග පරණවිතාන, සුරාඡ් රන්දීව්, අජන්ත මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්.

පස්‌වැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 33,075 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් මිලියන 3.6 ක්‌) - දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර, තිසර පෙරේරා.

හයවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 22,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන2.4 ක්‌) - චාමර කපුගෙදර, සුරංග ලක්‌මාල, ළහිරු තිරිමාන්න.

පළාත් ශ්‍රේණිය

'ඒ' කාණ්‌ඩය - චාමර සිල්වා, තිළිණ කණ්‌ඩම්බි, ධම්මික ප්‍රසාද්, දිමුත් කරුණාරත්න, µර්වීස්‌ මහරූෆ්, ජීවන් මෙන්ඩිස්‌, කෞෂාල් සිල්වා, සචිත්‍ර සේනානායක, ශමින්ද එරංග.

'බී' කාණ්‌ඩය - දිල්රුවන් පෙරේරා, ඩිල්ෂාන් මුණවීර, ජනක ගුණරත්න, කෝසල කුලසේකර, කුසල් පෙරේරා, මාලිංග බණ්‌ඩාර, නදීර නාවෙල, මිලින්ද සිරිවර්ධන, නිලංග ප්‍රේමරත්න, රොෂේන් සිල්වා, සචිත්‍ර සේරසිංහ, සජීව වීරකෝන්, සික්‌කුගේ ප්‍රසන්න, තරංග ලක්‌ෂිත, මලින්ද වර්ණපුර, නුවන් ප්‍රදීප්.

'සී' කාණ්‌ඩය - ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්‍ෂ, කෞෂාල් ලොකුආරච්චි, මහේල උඩවත්ත, මාලින්ද පුෂ්පකුමාර, ටී. එන්. සම්පත්.

'ඩී' කාණ්‌ඩය - අශාන් ප්‍රියන්ජන්, අෂේන් සිල්වා, ඉසුරු උදාන, කනිෂ්ක ඇල්විටිගල, යොහාන් ද සිල්වා, කිත්රුවන් විතානගේ, සොහාන් බොරලැස්‌ස, උදාර ජයසුන්දර.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by chamith - Premium Blogger Themes | Premium Wordpress Themes